Saturday, July 29, 2017

කොහෙ ඇද්ද උඹ අද?

Share it Please
පියාපත් සිඳී ගිය
වළාකුළු අගිස්සක්
හෙමි හෙමින් කිති කවන
මහාපර කන්ද තනිවම
යන්තමට සිනාසෙනු ඇති
කවදත් වගේ නිසලව

පැහුම් පිහිතල සිඹුම්
ලැබ පැහෙන අතු අගින
මල් පිපෙණු නොහැකියෙන්
මල් වගේ දළු පුරන

තේ පඳුරු හිස් මතින්
පාන්දර පාත්වෙන
මීදුමේ එති එතී
ගලනු ඇති කර සුවඳ
නාස් පුඩු කිති කවන

මටකැලේ පල්ලියේ
සීනුවේ සිලි සිලිය
බඩගිනිව අඬන විට
පිණි කඳුළු සීත වග
නොදන්නා නුඹේ පා
නොහික්මුණු ගල් කැබලි
අඩි පාර දිග දුවා
තණ බිස්සෙ හංගද්දි
කට කොනේ හිනාවට
හිනාවෙන තණ පෙත්තො
පනිනවා ඇති අහක

කම්බිලිය දුම් සුවඳ
කැටි කරන් දකුණතින්
හිනාවෙන සුද පෙනේ
ඈත වංගුව ලඟින්

දැණුනෙ නෑ කොහොමටත්
වචන වල තේරුමක්
ඇහෙනකන් හැටන්වල
කෝච්චිය පුරවද්දි
ලතෝනිය ගෑණුන්ගෙ
බිම බදා මොර තියන
දකිනකන් මිනිසුන්ගෙ
කරවෙච්ච ඇස් අහල
කඳුළු වල රතු පාට

ඉන්දියාවට වතු දෙමළු
බාගයක් පටවන්න
ආණ්ඩුවෙ තීරණේ...

කොහෙ ඇද්ද උඹ අද අම්බලකන්?



Photo Credit - Bezalel Thilojan‏ @ThilojanVM



5 comments:

  1. අගේ කලාට තුති. සීට්ටු දාලා පිටුවහල් කරනවා කියන්නේ තොපි වහල්ලු කියලා කණට කරලා කීමක් නේ ද?
    රටක් නැති වතු දෙමල ගැටළුව විසඳුවේ එහෙමයි.
    ඒ භාගයට පුරවැසිකම නොදීමට හේතුව අන් කවරකටත් වඩා ඡන්ද පදනම හා ජන අනුපාතය දෙදරා යාමට තිබුණු ඉඩ කඩයි.

    ReplyDelete
  2. ලස්සන කවියකින් යථාර්තය එලියට දාලා...

    ReplyDelete

Blogroll

About